නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවන්ට පෙර ප්‍රායෝගික ආපදා පෙරහුරුවක් මාතර දී

    පෙබරවාරි 03, 2016
    මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාවට නැංවීමේ ක්‍රියාකාරී වැඩසටහන් මාලාවේ දෙවන අදියර වශයෙන් ආපදාවන්ට පෙර ප්‍රායෝගික ආපදා පෙරහුරුවක් මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී.විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත් විණි.
    සුනාමි, ගංවතුර, නාය යෑම්, සුළි සුළං ආදී ස්වභාවික ආපදාවන් සහ ස්වභාව ධර්මයට ඔරොත්තු නොදෙන මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා ඇති වන ආපදා තත්ත්ව වලදි මහජනතාවගේ හැසිරිම හා සුදානම මෙන්ම  දක්වන ප්‍රතිචාර සඵලදායී ලෙස සම්බන්ධීකරණය කිරීමේ යාන්ත්‍රණය සුදුසු පරිදි හැඩගස්වා ගැනීම, පරීක්ෂාකිරීම, තීරණ ගැනීම, වගකීම හා හිඩැස් හඳුනා ගැනීම, සුදානම, වගකිම හා වගවීම පිළිබඳ මනා සම්බන්ධීකරණයක් තුළින් ආපදාවන් අවම කරගැනීමේ අරමුණින් මෙම පෙරහුරුව සංවිධානය කරන ලදි.
     
    මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගංගාව වන නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා ඇති වූ ආපදා තත්ත්වයක් පිළිබඳව උපකල්පනය කර ඉතා සාර්ථකව පෙරහුරුව ක්‍රියාවට නැංවීය. සිදු වූ ආපදා තත්ත්වය පිළිබඳව කෙටි පණිවිඩයක් මගින් අදාළ නිලධාරීන් දැනුම්වත් කිරීමට කටයුතු කළ අතර ඉන් ඉදිරියට රජයේ නිලධාරීන්, පොලීසිය, ස්වේච්ඡා සංවිධාන හා ප්‍රජාව මෙන්ම ජනමාධ්‍ය කෙසේ ක්‍රියාත්මකවේද යන්න පිළිබඳව මෙහි දී ප්‍රායෝගිකව අවධාරණය කෙරිණි.
     
    පෙරහුරුව අවසානයේ අදහස් දැක් වූ දිස්ත්‍රික් ලේකම්වරිය,මෙම ප්‍රායෝගික පෙරහුරුව ඉතා සාර්ථක බවත් එයින් රාජ්‍ය නිලධාන්ට මෙන්ම තමන්ට ද මහත් ප්‍රයෝජනයක් ලබාගත හැකි බවත් ඉදිරියේ දී ද මෙවැනි පෙරහුරුවක් මාතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන බවත්  පැවසීය.
     
    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පෙර සූදානම් හා සැලසුම් අධ්‍යක්ෂ එන්.පී. මදවනආරච්චි මහතා විසින්පෙරහුරුව මෙහෙයවීම සිදු කරන ලදි.
     
    මේ අවස්ථාව සඳහා මාතර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු ආපදා කළමනාකරණ කමිටුවේ සියලු ම සාමාජිකයින් සහභාගි වූහ.
     
    මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් යූ.ඒ.ඒ.පී. උබේසිරිවර්ධන මහතාගේ උපදේශකත්වය යටතේ මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මෙම වැඩමුළුව සංවිධානය කරන ලදි.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya