නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දිස්ත්‍රික්කයට 2015 වසරේ දී රුපියල් මිලියන 4,094ක දිවි නැඟුම සහනාධාර

    ජනවාරි 30, 2016
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිවිනැඟුම ප්‍රතිලාභීන් 150,000 කට 2015 වර්ෂයේ දී රුපියල් මිලියන 4,094ක් ගෙවා ඇති බව දිවිනැඟුම දිස්ක්‍රික් අධ්‍යක්ෂ එම්. එස්. එම්. සෆ්රාස් මහතා පැවසීය.
    පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී ඒ මහතා මේ බව සඳහන් කළේ ය.
     
    දිවිනැඟුම නිවාස ලොතරැයි වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 226 දෙනෙකුට නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් මිලියන 33.9ක්, දිවිනැඟුම සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සිසුන් 700කට රුපියල් මිලියන 16.8ක් ලබා දී ඇති බවද සෆ්රාස් මහතා වැඩිදුරටත් පැවසීය.
     
    වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක , ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ඩී. අලවතුවල යන මහතුන්ගේ සහභාගීත්වයෙන් මෙම කමිටුව පැවැත්විණි.
     
    AP/DMU-Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya