නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු ආදායම්ලාභී දරු දැරියන් 17 දෙනෙකුට ආණ්ඩුකාරවර අරමුදලින් ශිෂ්‍යාධාර

    ජනවාරි 30, 2016
    පසුගිය 2014/2015 වර්ෂයන් තුළ විශ්ව විද්‍යාල වරම් ලැබූ ඌව පළාතේ අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන් 17 දෙනෙකු හට මූල්‍යාධාර පිරිනැමීම පසුගියදා ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ එම්.පී.ජයසිංහ මහතා අතින් එම කාර්යාලයේදී සිදුකෙරිණි.
    සිය ඉදිරි අධ්‍යාපනික කටයුතු සඳහා මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලින් රුපියල් 20,000 බැගින් මෙලෙස ලබා දී ඇත.
     
    ඌව පළාත් ආණ්ඩුකාරවර ලේකම් එම්.එම්.සෝමතිලක, ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් කේ.එම්.එස්.අබේසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් හා ප්‍රතිලාභී දරු දැරියන්ගේ දෙමාපියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    AP/DMU Badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya