නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සංහිඳයාව වර්ධනය කිරීමේ වැඩසටහනක් අද සිට

    ජනවාරි 29, 2016

    ගාලු උරුමය පදම සංවිධානය කරනු ලබන ජාතික සංහිඳයාව වර්ධනය කිරීමේ වැඩසටහනක් අද(29) සිට පැවැත් වේ.

    දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා ගාලු උරුමය පදනම විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන අතර ජනවාරි මස 29, 30 සහ 31 වන තෙදින ගාල්ල සහ මාතර බලකොටු පදනම් කරගෙන පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    ඒ අනූව ත්‍රිකුණාමලය බලකොටු නගරය ආශ්‍රිතව සිසුන් හා ගුරුවරුන් මෙන් ම සහ ගාල්ල බලකොටු නගර ආශ්‍රිතව සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක ය. මෙය බලකොටු නගරයන් හි පාසල් අතර දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ නේවාසික වැඩසටහනක් ලෙස පැවැත් වෙන අතර දෙපාර්ශවයෙන්ම පාසල් 10ක් අතුරින් සිසුන් 50 දෙනෙකු සහ පාසල් දහය නියෝජනය කරමින් ගුරුවරුන් දස දෙනෙකු සම්බන්ධ කරගැනීම සිදු වේ.

    29 වැනි දින එනම් අද දින සියලු දුවාදරුවන් එක් රැස් කිරීම සිදු වන අතර 30වන දින ගාලු කොටුව ආශ්‍රිතව පළමු වැඩසටහන පැවැත් වේ. නැවත පසුදින(31) මාතර බලකොටුවේ සංචාරය කිරීමෙන් අනතුරුව කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාරගාරය නැරඹීමට එක් වේ. එදින සවස වැඩසටහනේ සමාප්තිය සිදු වේ.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya