නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 පළමු කෘෂීකර්ම කමිටුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී

    ජනවාරි 27, 2016
    2016 වර්ෂයේ පළමු කෘෂීකර්ම කමිටුව පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් විණි. 
    මෙයට සමගාමීව දේශීය ආහාර ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳවද සාකච්ඡාවට ලක් විය. මේ අවස්ථාව සඳහා  ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාද සහභාගී වී සිටියේ ය.
     2016 වර්ෂයේ නව කෘෂී වැඩසටහන් රැසක් පිළිබඳව හඳුන්වා දීම මෙහිදී සිදු වූ අතර පසුගිය වර්ෂයේ දී දිස්ත්‍රික් කෘෂීකර්ම ක්ෂේත්‍රයේ ප්‍රගතිය පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක් විය.
     
    මෙහි දී විශේෂයෙන් අදහස් දැක් වූ පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමන් පෙන්වා දුන්නේ මෙම වසර සඳහා මිලියන 81.79ක මුල්‍ය ප්‍රතිපාදන ගාල්ල දිස්ත්‍රික්කයට හිමි වී ඇති බවයි.
     
    ඒ අනූව තාක්ෂණය හා මුසු වූ කෘෂීකර්ම ක්ෂේත්‍රය දිස්ත්‍රික්කය පුරා ප්‍රචලිත කිරීමට ඉදිරියේ දී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් වී වගාව සඳහා යාන්ත්‍රික ක්‍රමවේද භාවිතයට ගනු ලබන ගොවි මහතුන් සඳහා දිරි ගැන්වීමේ මුදලක් ද ලබා දිමට යෝජිත බවත් ය. 
     
    එමේන්ම වකුගඩු රෝගයන්ට ප්‍රභලව බලපානු ලබන රසායනික පොහොර භාවිතය අවම කිරීම සඳහා වගාවට අවශ්‍ය පුර්ව පොහොර භාවිතය පිළිබඳව නිරීක්ෂණය කිරීමට පුහුණු කිරීමේන් අනතුරුව ගොවීන් වෙත පත්‍රවර්ණ දර්ශකයන් ලබා දීමටද යෝජිත බවත් ඒ මහතා සඳහන් කරසිටියේ ය.පාසල් ආශ්‍රිතව ගෙවතු වගාව ජනප්‍රිය කිරීම සඳහා  දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශන් 19 අතුරින් තොරා ගත් පාසල් 19ක් සඳහා  ප්‍රතිපාදන යෙද වීමට යොජිත බවත් ඒ මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
     
    මේ අවස්ථාව සඳහා ගාල්ල වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඇතුළුව නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
     
    AP/DMU-Galle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya