නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරි ගොවියන් සවිබල ගැන්වීම සදහා ස්වේච්ජා සංවිධානවල සහය

    ජනවාරි 26, 2016
    වසර 2020 වන විට දේශීය පරිභෝජනය සඳහා අවශ්‍ය කිරි පිටි අපේ රටේම නිෂ්පාදනය කරගැනීම රජයේ ඉලක්කයයි. කිරි ගොවියන් සඳහා රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් හා ව්‍යාපෘති සඳහා වු අරමුදලට  අමතරව වඩාත් ඵලදායි ලෙස කිරි ගොවියා නගාසිටුවීම සඳහා ස්වේච්ජා සංවිධාන වල සහය ලබා ගන්නා බව  ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය. 
    ඒ මහතා මෙසේ පැවසුයේ ස්වේච්ඡා සංවිධාන වල සහභාගිත්වයෙන් පසුගියදා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදි පැවැත්වු සාකච්ජාවේදීය.
     
    දේශීය දියර කිරි නිෂ්පාදකයින්ගේ ආර්ථිකය සවිබලගැන්වීම සහ ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු වඩාත් සාර්ථකව කරගෙන යාම සදහා මේ වන විට රජය මගින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් පවතී. 
     
    එහිදී පැමිණ සිටි ස්වෙච්ඡා සංවිධාන වල නියෝජිතයින් අමතා අමාත්‍යවරයා,  ස්වේච්ජා සංවිධානවල මෙහෙවර රටේ දුප්පත් ජනතාව වෙත යන්න ඕනෑ.මේ  නිසා අප අදහස් කලා අපගේ අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා මෙම සංවිධාන මගින් උදව් ලබා ගැනීමට.ඉදිරියේදී මාගේ අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත කිරි ගොවි ගම්මාන පිහිටුවීම, කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා උසස් ආරයේ දෙනුන් හා තාක්ෂණය කිරි ගොවියන් වෙත ලබා දීම, 
     
    විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත් වල වෙසෙන කිරි ගොවියන් සවිබල ගැන්වීම සඳහා ඔබගේ දැනුම, තාක්ෂණය හා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා යයි පැවසීය.
     
    මෙහිදී පැමිණ සිටි ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් අමාත්‍යවරයා වෙත පවසා සිටියේ, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති ව්‍යාපෘති සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා දිමට ක්‍රමවත් වැඩපිළිවෙලක් පැමිණ සිටි සියළු ස්වෙච්ඡා සංවිධාන වල එකමුතුවෙන් සකස් කර අමාත්‍යතුමාට ඉදිරිපත් කරන බවයි.
     
    මෙම අවස්ථාව සදහා ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශ ලේකම් රේණුකා ඒකනායක, අතිරේක ලේකම් ප්‍රියන්ත මායාදුන්න හා විවිධ ස්වේච්ජා සංවිධාන වල නිලධාරීන් එක්ව සිටියහ. 
     
    AP       

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya