නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 වස‍රේ දී කුරුණෑගල දිස්ත්‍රික්ක‍යට ක්‍රීඩා පිටි 36ක්

    ජනවාරි 22, 2016

    ක්‍රීඩා පිටි සංවර්ධන වැඩසටහන යට‍තේ ක්‍රීඩා අමාත්‍යංශ‍ය විසින් 2015 වස‍රේ දී කුරුණෑගල දිස්ත්‍රික්ක‍යේ ක්‍රීඩා පිටි 36ක් ඉදිකර ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ගීතාංජලී බණ්ඩාරණායක මහත්මිය ප්‍රකාශ කළාය.

     

    අධ්‍යක්ෂවරිය මේ බව ප්‍රකාශ ‍ක‍ළේ, පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාල‍යේ දී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු‍වේ දී ය.

     

    ක්‍රීඩා පිටි සංවර්ධන වැඩසටහන යට‍තේ බිංගිරිය ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාස‍යේ ක්‍රීඩා පිටි 20ක්, අලව්ව 4ක්, උඩුබද්දාව 5ක්, ග‍නේවත්ත 2ක්, පන්නල 2ක්, මාවතගම, ඉබ්බාගමුව හා පඬුවස්නුවර යන ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාස‍වල එක් ක්‍රිඩා පිටියක් බැගින් ඉදිකර ඇත. ‍මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 40කට ආසන්න ‍වේ.

     

    ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, වයඹ පළාත් මහ ඇමති ධර්මසිරි දසනායක සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලි‍මේන්තු මන්ත්‍රී ‍ජේ. සී. අලවතුවල යන මහත්වරුන්‍‍ගේ සම සභාපතීත්ව‍යෙන් ‍මෙම කමිටුව පැවැත්විණි.

    DMU/K'gala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya