මාතර ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, මධ්‍යම පරිසර අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය,
වෙරළාරක්ෂක බලකාය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ආදී ආයතන
අනිල්වලා ගඟේ ජලය පිරිපහදු කිරීමේ කටයුතු වල නිරතව සිටී.
මේ පිළිබඳව අදහස් දැක් වූ මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය පැවසුවේ ඉන්ධන මිශ්‍රවීම හේතුවෙන්
නිල්වලා ගඟේ ජලය අපවිත්‍ර වී තිබෙන බැවින් ඉතා ඉක්මණින් එය පිරිපහදු කර යථා තත්ත්වයට පත් කිරීමට අදාළ ආයතන දැනුම්වත් කර ඇති බවත් කඩිනමින් මෙම ගැටළුව විසඳීමට කටයුතු කර ජනතාවට සහන සලසන බවත් ය.
එතුමිය වැඩිදුරටත් පැවසුවේ දැනට ලබා දෙන ජලය වඩාත් අරපිරිමැස්මෙන් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් පාවිච්චි
කරන ලෙසයි.
AP/DMU-Matara