මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාවලිය විධිමත් කිරීම උදෙසා විවිධ තීන්දු තීරණ ගන්නා මෙම කමිටු රැස්වීම කමිටුවේ සම සභාපතිවරුන් වන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්ද්‍රසිරි ගජධීර, බුද්ධික පතිරණ යන මහත්වරුන්ගේ සහ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර කමිටු රැස්වීම සදහා දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය සහ මාතර දිස්ත්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මිය ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සැලසුම් අංශය රැස්වීම සංවිධානය කරයි.
AP/DMU-Matara