පාරිසරික සමතුලිතතාවයට දැඩි සේ හානිකරනු ලබන අධික ශබ්ද සහිත වාහන පරික්ෂා කිරීමේ වැඩසටහනක් මෙ මස 18 වන දින පෙ.ව 9 සිට ප.ව 2 දක්වා ක්‍රියාත්මක කිරීමට දකුණු පළාත් මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කොට ඇත. ඒ අනූව කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයට මුහුණ ලා පිහිටි ආයෝජන මණ්ඩලය ඉදිරිපිට දී මෙම පරික්ෂාව සිදු කිරිමට නියමිතය.
වාහන මගින් සිදු කෙරෙන අධික ශබ්දය පිළිබඳව බොහෝ දෙනාගේ චෝදනා සහ පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම වැඩසටහන සංවිධානය කොට ඇති අතර පොලිස් ඒකකය සහ මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ සඳහා සහයෝගය දක්වයි.
AP/DMU-Galle