ඒ අනුව කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා ගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂණයක් පසුගිය දා ආඳාදොළ කන්ද ප්‍රදේශයේ දී සිදු කෙරිණි.
එහිදී කලුගල් කැඩීම සිදු කරන ස්ථාන 28 ක් (විසි අටක්) නිරීක්ෂණයට ලක් විය.මෙම නිරීක්ෂණයේ දී ප්‍රදේශවාසින් ගේ මෙන්ම කලුගල් කර්මාන්තය හා සම්බන්ධ අයගේ විරෝධය හා ඔවුන්ගේ දුක් ගැනවිලි පිළිබද අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ බව කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා පැවසීය.මෙම නිරීක්ෂණයට භාජනය කළ කැණීම් ස්ථාන පිළිබද තීරණයක් ගැනීම සදහා එම තොරතුරු පදනම් කර ගත් නිරීක්ෂණ වාර්තාව කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා ට ලබා දීමට නියමිත ය.
මෙම අවස්ථාවට කඩුවෙල ප්‍රාදේශීය ලේකම් ඩබ්.එම්.දයාවතී මහත්මිය සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක ජේ.ඒ.සී.එච්.ජයකොඩි මහතා ඇතුලු රජයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.
AP/DMU-Colombo