නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කියවීමේ මාසයට සමඟාමීව පන්නිපිටිය ධර්මපාල විද්‍ය්‍යාලයේ පුස්තකාල දිනය සැමරේ

    ඔක්තෝබර් 15, 2015

    කියවීමේ මාසයට සමඟාමීව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පුස්තකාල දිනය හෙට  (16) පෙ.ව. 11.00ට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මෙහි ආරාධිත අමුත්තන් ලෙස ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව්.එන්.කේ. ඒකනායක මහත්මිය සහභාගී වනු ඇත.

     

    සිසු දැරියන් 45දෙනෙකු විසින් රචිත පොත් එළිදැක්වීම, දම්පල් පන්හිඳ සඟරාවේ 03වන කලාපය එළිදැක්වීම, සිසු නිර්මාණ ප්‍රදර්ශනයේ ත්‍යාගලාභීන්ට තිළිණ හා සහතික ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරේ.

     

    මෙම අවස්ථාව සඳහා ප්‍රවීන ලේඛක මානව සම්පත් සංවර්ධන හා මනෝවිද්‍යා පුහුණු උපදේශක චන්දන ගුණවර්ධන මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ පුස්තකාල සංවර්ධන අධ්‍යක්ෂ අනුර ජයලත්, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඩී.එන්.එස්.කේ. රණසිංහ, ප්‍රවීන ලේඛක දෙනගම සිරිවර්ධන, පුස්තකාල සංගමයේ සභාපතිනි සාවිත්‍රි වීරසිංහ, ප්‍රවීන ලේඛිකා ශ්‍රීමා ලාලනී, ප්‍රවීන ලේඛිකා හර්ෂණී ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු විද්වතුන් රැසක් සහභාගී වීමට නියමිතය.

     

    මෙම උත්සවය විදුහල්පති කේ.ජී. විමලසේන මහතාගේ උපදේශකත්වයෙන් හා වරලත් පුස්තකාලධිපතිනි යූනානි ගීගනගමගේ මහත්මිය ඇතුළු පුස්තකාල ගුරු කමිටුව සහ දෙමාපිය කමිටුවේ අනුග්‍රහයෙන් පැවැත්වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya