ඒ මහතා මේ බව පැවසූයේ ඊයේ (12) රාජගිරිය ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා පරිශ්‍රයේ දී සංස්ථාවේ සමස්ත සේවක සේවිකාවන් පළමුවරට හමු වූ අවස්ථාවේදීයි.
මෙහිදී අමාත්‍යවරයා නව රජයේ අරමුණු, සැලසුම් හා මූලික අභිලාශයන් පිළිබඳ සේවක සේවිකාවන් දැනුවත් කිරීම සිදු කළේය. නියොජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ, සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ශ්‍රීමතී සේනාධීර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
එහිදී ඔහු මෙසේද පවසා සිටියේය,
“පසුගිය සමයේ විශාල සංවර්ධන වැඩකොටසක් කළ ආණ්ඩුව ගෙදර යැව්වා. කැපී පෙනෙන ලෙස සංවර්ධනය සිදු කළත් උගත් පිරිස කල්පනා කළා ඒ සංවර්ධනය පිටුපස දුෂණයන් වංචාවන් සිදුවෙන බව. එනිසා ජනතාව නැඟී සිටි බවත්, මම හෝ නියෝජ්‍ය අමාත්‍යතුමා මේ අමාත්‍යාංශය බාරගත්තේ කොමිස් ගැනීමට නෙවෙයි. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව භාණ්ඩාගාරයට ණය නැති ආයතනයක් කිරීම අපේ මූලික වගකීමයි. එය කරන්න අපි නිර්මාණශීලි විය යුතුයි. අලූත් අදහස් හා ආදායම උත්පාදනය කරගත යුතුයි.
මා විසින් මේ රටේ තිබෙන විශාල රාජ්‍ය ආයතන දෙක හැසිරෙව්වා. ඒ ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා විදුලිබල මණ්ඩලය. මේ ආයතන දෙකම දශක ගණනක්ම පාඩු වින්දා. අපට හැකිවුණා නැවත ශක්තිමත් ආයතන දෙකක් බවට පත්කරන්න. එනිසා මේ ආයතන සාපේක්ෂව කුඩා ආයතනයක් වුණත් බලවත් ආයතනයක් බවට පත් කරන්න කැපවිය යුතුයි.
ජනවාරි 08 මේ ජනාධිපතිතුමා පත්වෙන්නත් මේ අගමැතිතුමා පත්වෙන්නත් මූලික හේතුව වුණේ දුෂණය පිළිබඳ උගත් මිනිස්සු අතර කලකිරීමයි. පසුගිය කාලයේ විශාල සංවර්ධන වැඩසටහන් කළා. කැපී පෙනන වැඩ කොටසක් කළා. නගර අලංකරණය, දියවන්නාව සංවර්ධනය ඇතුළු කැපී පෙනෙන වැඩ කළත් ජනතාවගේ දැන උගත් පිරිස කල්පනා කළා ඒවා පිටුපස මහා දූෂණයක් හඹාගෙන එන බව. අපට නොපෙනන විශාල වංචාවක් සිදුවෙන බව. එනිසා ජනතාව නැගී සිට මහා සංවර්ධනයක් කළ ආණ්ඩුව මාරු කළා.
ලෝකයේ මේ වැනි දේවල් සිදුවුණා. ඉන්දියාවේත් මේ ටික වුණා. ඉතාම හොඳින් වර්ධනය වූ ආණ්ඩුව දුෂණ ප්‍රශ්න මත ඉවත් කරන්න ජනතාව පෙළඹුණා. දුෂණයට කිසිදු ඉඩක් අපේ පාලනයේ නැහැ. ඒ බව සියළු දෙනාම තරයේ සිතාගත යුතුයි. මම හෝ නියෝජ්‍ය අමාත්‍යතුමා, ලේකම්තුමා කොමිස් ගහන්න මේ අමාත්‍යාංශයට ආවේ නැහැ. අනුකම්පා විරහිතව දූෂණය මර්දනය කරනවා. මේ ආයතනයන් තුළ කි‍්‍රයාත්මක වුණොත්. ඒ සඳහා සියළු නිලධාරීන් සහයෝගය ලබාදිය යුතුයි.විදුලිබල මණ්ඩලයේ මම පසුගිය කාලයේ දැක්කා සමහර නිලධාරීන් විශාල මුදල් උපයාගත්තා. අද ජීවිතේම නැතිවෙලා. අපි බේරගන්න කියලා අයදිනවා.
ජිවිතය, සහනය, දරුවෝ ඇතුළු ජීවිතය නැතිවෙලා තියෙනවා. අපි බෞද්ධයෝ. අනිවාර්යයෙන් කර්මය පසු පසින් එනවා. සමහර අයට මේ ආත්මේ නැත්නම් ලබන ආත්මේ. අපි කවුරුත් මැරෙනවා. මැරෙන කාලයට කන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වැඩියෙන් කන්න බැහැ. සියලූ දෙනාම හැරදා යන්න සූදානම් විය යුතුයි. මහා ඇලෙක්සැන්ඩර් කියන්නේ ලෝකය බලය පැතිරවූ බලවත් අධිරාජ්‍යයෙක්. ග්‍රීක අධිරාජ්‍යය සඳහා ඉන්දියාව දක්වා අත්පත් කර ගත්තා. ඒ මහා වීරයා මිය ගියා. මිය යන්න පෙර ඔහු කියා තිබුණා කරුණු කිහිපයක් ප්‍රසිද්ධ කරන්න කියලා. එකක් තමයි අවසාන කාලයේ මට බෙහෙත් කළේ ලෝකයේ දක්ෂම වෛද්‍යවරු කියලා. දෙක තමා මම විසින් කොල්ල කාපු ධනය දේහය ගෙනියන කොට දෙපස ජනයාට විසි කරන්න කිව්වා. තුන් වෙනි එක තමයි මාගේ අප්‍රාණික දෑත පෙට්ටිය දෙපැත්තෙන් වැටෙන්න සලස්වන්න කියලා. ඇයි එහෙම වුණේ මරණය වළක්වන්න බෑ. වස්තුව මැරෙද්දි ගෙන යන්න නෑ. සටන්කාමී දෑත් එක පහලට වැටිලා අප්‍රාණික බව අනිත්‍ය ලෝකය දැක ගත යුතුයි යන පණිවිඩය එදා දුන්නා.
එනිසා කිසි කෙනෙක් කිසිඳු වංචාවක් කරන්නත් එපා. එම කටයුතුවලට දායක වෙන්නත් එපා. අනිත් අයට කරන්න දෙන්නත් එපා. අපට වහාම දැනුම් දෙන්න. අපි ඒ ගැන බලාගන්නවා. දේශපාලන බලපෑම්වලට යටවී කිසිදු නීත්‍යානුකූළ කටයුත්තක් නවත්වන්න එපා. සංවර්ධනය කරද්දි බලපෑම් එනවා නම් අපේ නම පාවිච්චි කරන්න. අපි ඒ ගැන බලාගන්නවා. අපි ඒක විසඳන්නම් ඔබ වැඩකළ යුතුයි. සෑම කෙනෙක්ම ආයතනයේ නීත්‍යානුකූල අණ පමණයි කි‍්‍රයාත්මක විය යුත්තේ. දේශපාලන අණකට යටත් වෙන්න බෑ. රටට ඔබ ආදරය කළ යුතුයි. ඔබේ සේවය දේශමාමක, දේශපේ‍්‍රමී විය යුතුයි. විශේෂයෙන්ම දේශීය ඉංජිනේරුවන්, සැලසුම් ශිල්පීන්, පිළිබඳ අපි විශ්වාස කරනවා. රටේ ප්‍රශ්නත් ආපුවාම එක ඉටු කරන්න කැපවෙයි කියලා බලාපොරොත්තු වෙනවා. “
SDF