පොලොන්නරුව හා දිඹුලාගල අධ්‍යාපන කලාපයන්හි සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම වැඩසටහනේ දී පුරාවිද්‍යා කැණිමක් සිදුකිරීම, පුරාවස්තු හඳුනාගැනීම, රසායනික ක්‍රම ඇසුරින් ඉපරැණි චිත්‍ර හා මූර්ති සංරක්ෂණය, ලේඛන සංරක්ෂණය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීමට කටයුතු කෙරේ.
අපේ ජාතික උරුමයන්හි අගය පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් දේශන දෙකක් පැවැත්වීමට නියමිත අතර අපේ රටේ අස්පර්ශනීය උරුමය පිළිබඳව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා විසින් සිදු කරන විශේෂ දේශනයකින් ද මෙම වැඩසටහන සමන්විත වේ.
සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමියගේ උපදෙස් හා මග පෙන්වීම මත උරුම අංශය මගින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලාංකීය ජාතීන් අතර සුහදතාවය වර්ධනය කිරීම, ජාතික උරුමයන් පිළිබඳ සිසුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ අධ්‍යපනයට අවශ්‍ය දැනුම ලබා දීමයි.
DB