මේ ව්‍යාපෘතිය ලන්ඩනයේ අහමඩ් තේ සමාගමෙන් මුලින් ම ලැබුණු රුපියල් මිලියන 850ක හා ඉන්පසුව ලබා දුන් තවත් රුපියල් මිලියන 380ක දායකත්වය මත දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. ඊට අමතරව ශල්‍යාගාරයක් සහිත ව ඇට මිදුළු පරීක්ෂා කිරීමේ ඒකකයක් ඉදිකිරීම, රසායනික චිකිත්සා ඒකකයේ අමතර පහසුකම් ඇති කිරීම, ඇට මිදුළු බද්ධ කිරීමේ පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය අංගෝපාංග ලබාදීම ආදී කටයුතු ද සිදු කෙරේ.
මේ සඳහා අවශ්‍ය ඉතුරු මුදල වන රුපියල් මිලියන 233ක් ශ්‍රී ලංකා රජය විසින් දැරීමට නියමිතය. මේ පිළිබඳ ව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.