නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල සම්පාදන ව්‍යාපෘති සඳහා ණය ලබා ගැනීමට භාණ්ඩාගාර ඇපකරයක්

    ජූලි 10, 2015

    ජල සම්පාදන ව්‍යාපෘති 22ක් ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා බැංකුව සහ ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය අතර රුපියල් මිලියන 3,499ක ණය පහසුකමක් ලබා ගැනීම වෙනුවෙන් භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

     

    නළ ජල සැපයුම පුළුල් කිරීම සඳහා දේශීය බැංකු මඟින් ලබාගත් අරමුදල් යටතේ ජලසම්පාදන ව්‍යාපෘති 22ක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණු අතර ඉහත භාණ්ඩාගාර ඇපකරය නිකුත් කිරීම සඳහා මෙවර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව ද අනුමත වී තිබේ.

     

    ඉදිරියේ දී ප්‍රමුඛතා පදනම මත ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය විසින් නළ ජල සේවා ආවරණය පුළුල් කිරීම සඳහා මෙම ව්‍යාපෘති ආරම්භ කරනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya