අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට කෘෂිකර්ම කමිටුවට මේ වසරේ ජූලි සිට ප්‍රාදේශීය සභාවල ලේකම්වරුන් කැඳවීමට පියවර

    ජූලි 11, 2015

    හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව සඳහා මේ වසරේ ජූලි මස සිට දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය සභාවල ලේකම්වරුන් කැඳවීමට තීරණය කර ඇත. දැනට විසුරුවා ඇති පළාත් පාලන ආයතනවල විශේෂ කොමසාරිස්වරුන් ද කැඳවීමට තීරණය කර ඇති අතර ඒ බව අදාළ නිලධාරීන් වෙත දැන්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්.සී. ද සොයිසා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.


    කෘෂිකාර්මික කටයුතු බහුල ව සිදු වන මේ දිස්ත්‍රික්කයේ යම් යම් කටයුතුවලදී ප්‍රා දේශීය සභා ද මුල් වී කෘෂිකාර්මික කටයුතු සිදු කරනු ඇත. එහිදී පැනනගින ගැටලු විසඳා ගැනීම සඳහාත් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා මඟින් සිදු කළ යුතු බැවින් එම ප්‍රධානීන්ගේ සහය අවශ්‍ය වේ

    විශේෂයෙන් අයාලේ යන ගවයන් පිළිබඳ ගැටලුවේදී මුල් වී ක්‍රියා කළ යුතු එක් ආයතනයක් වන්නේ ප්‍රාදේශීය සභාවයි. මෙවැනි ගැටලු කිහිපයක් ගොවි සංවිධාන පෙන්වාදීමෙන් පසු හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මේ තීරණයට එළඹ තිබේ.

    NDH/dmu_Hambantota

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya