ඒ අනුව රඹුක්කන බැද්දවෙල මහා විද්‍යාලය, පරාක්‍රම මහා විද්‍යාලය හා දැලිවල මහා විද්‍යාලයන්හි ඉදිකරන ලද තොරතුරු තාක්ෂණ විද්‍යාගාර මෙලෙස සිසු අයිතියට පවරා ඇත.
මෙම එක් තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 150ක් පමණ මුදලක් වැය කර ඇත.
මෙම විද්‍යාගාර ජීව හා රසායනාගාර විද්‍යාගාර, භෞතික විද්‍යා විද්‍යාගාර, ගණිතාගාර, භාෂා විද්‍යාගාර සහ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයන්ගෙන් ද සමන්විතව ඉදිකර ඇත.
එම විද්‍යාගාර සඳහා පරිගණක පද්ධති, අන්තර්ජාල පහසුකම්, විද්‍යාගාර උපකරණ ද රජය විසින් සපයා ඇත.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී කනක හේරත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
DB