නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල මිරිදිය ධීවරයන්ට ඔරු හා මාදැල් ලබා දෙයි

    ජූලි 01, 2015

    රුපියල් මිලියන 6.5 ක වියදමෙන් කුරුණෑගල දිස්ත්‍රික් මිරිදිය ධීවරයන්ට ඔරු 119 සහ මාදැල් 150 ක් ලබාදීමේ වැඩසටහන ඊයේ (30) දැදුරු ඔය අසලදී පැවැත්විණි.

    ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

    මත්ස්‍ය කර්මාන්තය ද වයඹ පළාතේද දියුණු තත්වයකට පත්වන බවත් විශේෂයෙන් මධ්‍යම පළාතට මාළු හිඟයක් පවතින බැවින් වයඹ මාළු නිෂ්පාදනයෙන් පළාත් සභා මට්ටමින් මධ්‍යම පළාතටත් මාළු ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන බවත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    තවදුරටත් වයඹ පළාත තුළ දල දේශීය නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා මිරිදිය මත්ස්‍ය සංස්කෘතිය වැඩි වශයෙන් ඉවහල් වන බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් නිමල් චන්ද්‍රරත්න, දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාපෘති නිලධාරී චමිල ජයවීර, ධීවරයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya