වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2015 මැයි පැවති 1.9%සිට 2015 ජූනි 1.7% දක්වා පහත වැටී ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකය 2015 මැයි මාසයේ සිට ජූනි දක්වා 1.0%කින් ඉහළ ගොස් ඇත. මේ මාසික ඉහළ යෑම් කෙරෙහි ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම ප්‍රධාන හේතු විය. සමහර එළවළු වර්ග, මත්ස්‍ය වර්ග, අමු මිරිස්, රතු ළූනු, දෙහි, පරිප්පු, අර්තාපල්, හාල්මැස්සන් ආදියෙ හි මිල ගණන් 2015 ජූනි මසදී ඉහළ ගොස් ගියේය. බොහෝ පලතුරු වර්ග, පොල්, පොල් තෙල්, ලොකු ළූනු, මුං ඇට ආදියෙ හි මිල ගණන් මේ මාසය තුළ පහළ ගියේය.
ආහාර නොවන කාණ්ඩයේ රෙදිපිළි, පාවහන්, ගෘහ උපකරණ හා දෛනික ගෘහ නඩත්තු, විනෝදාත්මක හා සංස්කෘතික යන උප කාණ්ඩවල මිල ගණන් මෙම මාසය තුළ ඉහළ ගිය අතර නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන, සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපන, සන්නිවේදන හා විවිධ භාණ්ඩ හා සේවා යන උප කාණ්ඩවල මිල ගණන් මේ මාසය තුළ නොවෙනස්ව පැවතිණි.
ආර්ථිකයෙ හි පෙරදැරි උද්ධමනය පිළිබිඹු කරන මූලික උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2015 මැයි මස පැවති 2.6% සිට 2015 ජූනි මස 2.8% දක්වා ඉහළ ගියේය. වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2015 මැයි මස පැවති 2.9% සිට 2015 ජූනි මාසයේදී 2.8 දක්වා ආන්තික වශයෙන් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
NDH