සමෘද්ධි අමාත්‍යාංශයේ අඩු ආදායම්ලාභීන් සඳහා ක‍්‍රියාත්මක දිරිය පියස නිවාස යෝජනා ක‍්‍රමය යටතේ බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයේ ආබාධිත , අඩු ආදායම්ලාභී පවුල් සඳහා නැවත අය නොකර ගන්නා පදනම මත රුපියල් 75,000ක උපරිමයකට යටත්ව මූල්‍ය ආධාර ලබාදීම ඊයේ (28) ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරිණි.
මූලික වටයේ දී ප‍්‍රතිලාභී පවුල් 15කට මූල්‍යාධාර ප‍්‍රදානය කරන ලද අතර සමාරම්භක අවස්ථාව සංකේතවත් කරමින් ඇල්පිටිය - දකුණ ග‍්‍රාම නිලධාරී වසමේ ජී.එල්.එච්. සුමනාවතී මහත්මියට සහ ඇල්පිටිය - තලාව අක්කර 50 පදිංචි නිලන්ත සිල්වා මහතාට ඔවුන් පදිංචි නිවෙස් වෙතම ගොස් ආධාර මුදල් ලබා දීම අමාත්‍යවරයා අතින් සිදුවිය.
NDH