දකුණු ආසියාවේ පළමු හරිත විශ්වවිද්‍යාලය නගරය වන මෙය රුපියල් බිලියන 10.2 ක දැවැන්ත ආයෝජනයකි. මෙහි ඉදිකිරීම් මෙම වසර අග වන විට අවසන් වීමට නියමිතය.
හෝමාගම, පිටිපන පිහිටි අක්කර 26 ක භූමි භාගයක ඉදිවන මෙම සරසවිය වැඩ නිමකිරීමෙන් පසු සිසු සිසුවියන් 30000 කට අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් ඇත. මෙමඟින් දේශීය හා විදේශීය රැකියා ඉල්ලුමට ගැලපෙන පරිදි උපාධි 50ක් පමණ පිරිනමනු ඇති අතර අධ්‍යයන පහසුකම්වලට අමතරව විශ්වවිද්‍යාලයකට අවශ්‍ය අනෙකුත් පහසුකම් ද මෙම විශ්වවිද්‍යාල නගරය තුළ සපයා ඇත. ඒ අනුව රුපියල් මිලියනකට අධික වටිනාකමකින් යුත් පුස්තකාලයක්, නවීන ශ‍්‍රවණාගාර, එළිමහන් රංග පීඨයක්, ක‍්‍රීඩාංගණයක්, පිහිනුම් තටාකයක් හා නේවාසිකාගාර ද මෙම සරසවිය තුළ ස්ථාපිත කෙරේ.
පසුගිය කාලයේ රටේ විශාල මුදලක් විදේශ රටවලට අධ්‍යාපන කටයුතු සඳහා ගලාගෙන ගිය බවත් දැන් අපේ රට තුළදී ම අපේ දරු දැරියන්ට සහන මිලකට උපාධියක් ලබාගැනීමේ අවස්ථාව ලබාදී තිබෙන බවත් පෙන්වාදුන් අමාත්‍ය පියසේන ගමගේ මහතා අපේ රටේ දරුවන්ට පමණක් නොව විදේශීය දරුවන්ට ද මෙම ආයතනය මඟින් උපාධි ලබාදීම තුළින් රටට විශාල විදේශ විනිමයක් ලබාගැනීම අරමුණ බවත් පෙන්වා දුන්නේය.
මෙම නිරීක්ෂණ චාරිකාවට, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය, පියසේන ගමගේ, එම නියෝජ්‍ය අමාත්‍ය, තිලංග සුමතිපාල, අමාත්‍යතුමාගේ උපදේශක, පී‍්‍රති වරාවිටගේ NSB ආයයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය, ඊ.ඒ. වීරසිංහ යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් හා මාධ්‍යවේදීන් පිරිසක් ද සහභාගි වූහ.
DB