නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවාස සතියට සමගාමීව කෑගල්ලේ වැඩසටහන් රැසක්

    ජූනි 24, 2015

    රජය විසින් ප්‍රකාශයට පත්කොට තිබෙන නිවාස සතියට සමඟාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ ද වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලයේ කලමණාකරු පී.ඒ.එස්.පී ආරියවංශ මහතා පවසයි. මෙම මස 23 වන දින සිට 29 වන දින දක්වා ජාතික නිවාස සතිය ලෙස නම් කර ඇත.

     

    ඒ යටතේ ඊයේ (23) දිනට යෙදුණු ජාතික නිවාස දිනයට සමගාමිව කෑගල්ල නගරය ආශ්‍රිතව ආගමික මධ්‍යස්ථානවල දී සර්ව ආගමික වතාවන් සිදු කෙරිණි. ගලිගමුව, දැදිගම, කෑගල්ල, දැරණියගල, රුවන්වැල්ල, රඹුක්කන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට ‘සෙවන‘ චෙක්පත් ප්‍රදානය කළ අතර ඔවුන්ට දිවිනැගුම දෙපාර්මේන්තුව විසින් දිරිය පියස නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය ද සිදු කෙරිණි.

     

    නිවාස සතියේ ‘කාන්තා දිනය‘ වන අද (24) දිරිය නිවාස වැඩ සටහන යටතේ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෝනාරඹ ප්‍රදේශයේ අඩු ආදාම්ලාභී කාන්තාවක් සදහා ප්‍රදේශයේ කාන්තාවන් විසින් නිවසක් ඉදිකිරීමේ කටයුතු අරම්භ කරයි.

     

    හෙට (25) දිනයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සාමගම ගම්මානයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් පොදු දේපල තරුණයන් විසින් පිළිසකර කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත. නිවාස සතියේ හෙට දිනට යෙදී තිබෙන්නේ ‘යොවුන් දිනය‘ යි.

     

    26 වන සිකුරාදා දිනය යෙදී තිබෙන ‘ශිල්පීය දිනය‘ නිමිත්තෙන් දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ප්‍රදේශයේ වඩු, පෙදරේරු, විදුලි කාර්මික ,පොම්ප ක්‍රියාකර වැනි ක්ෂේත්‍රවල නියතු පිරිස් සදහා තාක්ෂණ හා ව්‍යවසායකත්ව දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ඉදිකිරීම් අභ්‍යාස ආයතනය හා එක්ව වැඩ සටහනක් ක්‍රියාත්මක කෙරේ. එදින අරණායක මැතිවරණ කොට්ඨාසයේ ජනතාවට ‘සෙවන‘ චෙක්පත් ප්‍රදානය කිරීමක් ද සිදු කෙරේ.

     

    SDF/DMU_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya