2009 වසරේදී යුද්ධය නිමවීමෙන් පසු යළි ඉදි කිරීම්වලදී චීනය වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව චමල් රාජපක්ෂ මහතා එහිදී තවදුරටත් පැවසීය.
කතානායකවරයා මේ බව පැවසුවේ, චීනයේ ASIA PACIFIC DAILY පුවත්පත සමඟ පසුගියදා සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
යුද්ධය නිමාවීමෙන් පසු චීනයෙන් ලැබුණ ණය සහ ආයෝජන හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ ගිය අතර ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව කැපී පෙනෙන බවද හෙතෙම කීය.
චීනය ලබා දුන් සහයෝගය සමස්ත ශ්‍රී ලාංකේයන්ට ම ප්‍රතිලාභ ගෙන දුන් බවද චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් එහිදී පැවසීය. චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය අඛණ්ඩව ශක්තිමත් ව පවතිනු ඇති බවද පැවසු කතානායකවරයා තවදුරටත් පැවසුවේ, චීන ජනාධිපති xi jinping මහතා ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරයෙන් පසු චීනය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ මට්ටමකට වර්ධනය වී ඇති බවයි.
kpm/CRI