නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘එක් තීරයක් එක් මාවතක්’ ශ්‍රී ලංකාවට නව සංවර්ධන අවස්ථා

    ජූනි 22, 2015
    ‘එක් තීරයක් එක් මාවතක්’ යන සංකල්පය ශ්‍රී ලංකාවට නව සංවර්ධන අවස්ථා සලසා දෙනු ඇති බව කතා නායක චමල් රාජපක්ෂ මහතා පවසයි.

    ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ චීනය බැඳී ඇත්තේ පැරණි සේද මාවත මගිනි. නූතන යුගයේ ජාතික නිදහස සහ රටේ සංවර්ධනය සඳහා දෙරට හැම විට ම එකිනෙකාට සහාය හා අනුබලය ලබා දෙන බව චමල් රාජපක්ෂ මහතා පැවසීය. 

    චීනය විසින් ඉදිරිපත් කරන ලද 21 වන සියවසේ මුහුදු සේද මාවත සංකල්පය අදාළ රටවල් අතර වෙළෙඳ, ආර්ථික හා සංස්කෘතික සහයෝගිතා ප්‍රවර්ධන මාවතක් සේ සැලකිය හැකි බවද ශ්‍රී ලංකාව එම සංකල්පය තුළින් මතු වන මහඟු අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් චීනය සමඟ අන්‍යෝන්‍ය යහපත් සහයෝගිතා ඉදිරියට මෙහෙයවීමට කැමැත්තෙන් සිටින බවද පැවසූ කතා නායකවරයා තවදුරටත් පැවසුවේ, චීන‍යේ ආයෝජන රටේ පශ්චාත් යුද සංවර්ධනයේදී අතිශය වැදගත් සාධකයක් වන බවයි.

    පසුගිය සැප්තැම්බර් මාසයේ චීන ජනාධිපති ශී චින් පිං මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරය සිදු කිරීමෙන් පසු ද්විපාර්ශ්වික මිත්‍රත්වය නව මට්ටමකට ඉහළ නංවා ඇති බවද කතා නායකවරයා තවදුරටත් පැවසීය.

    kpm/CRI

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya