බිම් මටිටමේ ජීවත් වන ජනතාවගේ මුලික අවශ්‍යතා සැළකිල්ලට ගෙන මහජන සේවා කාර්යක්ෂමව ලබා ගැනිම ඉලක්ක කර ගනිමින් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂිත කර ගැනිම, මාර්ග නීති, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය, කාන්තා අයිතිවාසිකම් සාක්ෂි නීතිය සිවිල් නඩු විධි විධාන සංග‍්‍රහය, සමථකරණය, බේරුම්කරණය, මහජන සෞඛ්‍ය ආරක්ෂාව, නීතිය හා මෙහිදී දැනුවත් කෙරේ.
නීතිය පිළිබඳව අවබෝධයක් ලබා දෙමින් යහපාලනය පිළිබඳව බිම් මටිටමේ සිට ජනතාව උනන්දු කරවිම මෙම වැඩසටහනේ අරමුණ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කර ඇති අතර මේ වන විට දහම් පාසල් ගුරුවරුන් පාසල් දරු දැරියන් සඳහා වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක කර ඇත.
මෙම වැඩසටහන යටතේ ඉදිරියේදි සාම විනිසුරුවරුන්, පාසල් ගුරුවරුන්, ග‍්‍රාමසේවා නිළධාරින්, පොලිස් නිලධාරින්, සිවිල් සංවිධානවල නියෝජිතයින් දැනුවත් කිරීමට ද නියමිතය.
මහරගම මැතිවරණ කොටිඨාසයේ ත‍්‍රිවිලර් රියදුරන්, හෝටල් හිමියන් හා කුඩා ව්‍යාපාරිකයින්ට නිතිය පිළිබඳව දැනුමක් ලබා දෙමින් මහරගම ආසනයේ හෝටල්ව, පවිත‍්‍රතාවය, සෞඛ්‍ය සම්පන්න ආහාර අලෙවි කිරීම,විනයගරුක ත‍්‍රිවිල් රියදුරන් බිහි කිරිම, නීති විරෝධි මත් ද්‍රව්‍ය තුරන් කිරිම මෙම නියමු ව්‍යාපෘතිය මගින් සිදු කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
kpm