ඒ මහතා මෙසේ පැවසුයේ කොග්ගල කලපුව සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.කොග්ගල කලපුව මීට දශක දෙකකට අධික කාලයකට සිට සිදු වූ වැලි ඉවත් කිරීම,තහනම් දැල් ආම්පන්න භාවිතය හා අධික වේගයෙන් ගමන් ගන්නා මෝටර් බෝට්ටු වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි තර්ජනයට ලක්ව තිබුණු විශේෂ පරිසර කලාපයකි.නමුත් රාජ්‍ය මැදිහත් වීම මත වසර 02 කට ආසන්න කාලයක සිට මෙය නැවතත් සුරැකීමට හැකිවී ඇත.ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 02ක් සහ ග්‍රාම සේව වසම් 16 කට අයත්ව පිහිටා තිබෙන කොග්ගල කලපුව සුවිශේෂි පාරිසරික කලාපයක් බව හදුනාගෙන ඇත.
වැලි ඉවත් කිරීම නිසා විනාශ වූ කලපුව නැවත ගල් බැම්මක් ඉදිකිරීම මගින් සුරැකීමට හැකි වී ඇති අතර බලපා තිබූ ලවණ පාරිසරික තත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යන බව මෙම කලපුව පිළිබඳ පර්යේෂණ පවත්වන Practical Action ආයතනයේ පර්යේෂක ආචාර්ය රණසිංහ පෙරේරා මහතා මෙහිදී පැවසීය.
කලපුව ආශ්‍රීතව දිවිගෙවන ධිවර ප්‍රජාව,ලණු කර්මාන්ත,කොහුබත්ආශ්‍රිත කර්මාන්තයන්හි යෙදෙන්නන් සහ පන් ආශ්‍රිත නිර්මාණ සිදු කරනු ලබන සුළු පරිමාණ වෘත්තීය ප්‍රජාවට මෙම තත්වය නිසා සිය කර්මාන්ත බාධාවකින් තොරව කර ගැනීමට අවස්ථාව සැලසී ඇති බවද මෙහි දී පෙන්වා දුන්නේ ය.
මේ අවස්ථාව සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළුව විවිධ රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන කිහිපයක්ද මේ සඳහා සහභාගී විය.
AP/DMU-Galle