නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්ලයිෆොසෙට් වල් නාශකය ආනයනය තහනම් කිරීමට පියවර

    ජූනි 02, 2015

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ග්ලයිෆොසෙට් (Glyphosate) වල්නාශකය ආනයනය හා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

     

    දිවයින පුරා නිදන්ගත වකුගඩු රෝගය වැළඳීම කෙරෙහි රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක භාවිතය හේතු කාරක විය හැකි බව මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරන විද්‍යාඥයින් විසින් පෙන්වා දී තිබේ.

     

    මේ අනුව හඳුනාගත් රසායනික පොහොර හා වල්නාශක වර්ග 4ක් ආනයනය හා භාවිතය රජය විසින් දැනටමත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

     

    ඒවාට අමතරව, ග්ලයිෆොසෙට් වල්නාශකය ආනයනය හා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම පිණිස ජනාධිපතිතුමා විසින් ගනු ලැබ ඇති තීරණය ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ද ලැබී තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya