නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරනැඟුම යටතේ උතුරු සහ නැ‍ගෙනහිර පළාත් පාලන සේවාවන් වැඩිදියුණු කිරීමට පියවර

    ජූනි 02, 2015

    ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ලෝක බැංකු ණය ආධාරයක් යටතේ 2010-2015 පස් අවුරුදු කාලසීමාව තුළ ක්‍රියාත්මක කෙරෙමින් පවතින පුරනැඟුම ව්‍යාපෘතිය යටතේ උතුරු සහ නැ‍ගෙනහිර පළාත් හි පළාත් පාලන ආයතන 80ක් ආවරණය කෙරෙමින් ප්‍රාදේශීය සේවාවන් හා ප්‍රාදේශීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සිදු වේ.

     

    මෙම ව්‍යාපෘතිය සඳහා අතිරේක මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා අරමුදල් මඟින් සිදු කෙරෙන සංරචකය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙතින් ඇ.ඩො. මිලියන 20ක ණය මුදලක් ලබා ගැනීම පිණිස ගිවිසුමකට එළඹීමට ද  අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලැබී තිබේ.

     

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya