නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාතේ උපාධිධාරීන් 420 කට ගුරු පත්වීම් ප්‍රදානය කෙරේ.

    ජූනි 01, 2015
    මධ්‍යම පළාතේ උපාධිධාරීන් 420 දෙනෙක් වෙත ගුරු පත්වීම් ලබා දීමට මධ්‍යම  පළාත් සභාව 
    කටයුතු යොදා තිබේ. පත්වීම් ලබා දීමේ නිල උත්සවය අද (01) මධ්‍යම පළාත් ආණ්ඩුකාර 
    සුරංගනී එල්ලාවල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
    මධ්‍යම පළාතේ පදිංචිකරුවන් අතරින් තරග විභාගයක් පවත්වා මෙම සුදුස්සන් තෝරා ගෙන ඇති 
    අතර, අවශ්‍යතාවය මත ගුරු පුරප්පාඩු පවතින පාසල් වෙත ඔවුන් යොමු කිරීමට නියමිත බව  
    මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් පද්මසිරි බණ්ඩාර විජේරත්න මහතා පවසයි. 
     
    මෙම ගුරු පත්වීම් වලට අමතරව වතු පාසල් සදහා ගුරු සහායකයන් ලෙස තවත් 600 ක පමණ 
    පිරිසක් සදහාද පත්වීම් ලබා දීමට මධ්‍යම පළාත් සභාව මගින් කටයුතු යොදා ඇති බව 
    ලේකම්වරයා තව දුරටත් පැවසීය. 
     
    පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා කාර්යාලීය ශ්‍රවනාගාරයේදී අද දින පැවැත්වෙන මෙම පත්වීම් 
     ප්‍රදානය කිරීමේ අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු 
     මහජන නියෝජිතයන් රැසක් සහ රජයේ නිලධාරීන් රැසක්ද සහභාගී වීමට නියමිතය
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya