නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ මහ නගර සභාව වීදි සුනඛයින් පිළිබඳ සමීක්ෂණය අරඹයි

    ජූනි 01, 2015

    අයිතිකරුවන් නොමැතිව වීදි සරන සුනඛයින් පිළිබඳව සමීක්ෂණයක් කොළඹ මහ නගර සභාව විසින් නලර සභාබල ප්‍රදේශය තුළ ආරම්භ කර ඇත.

     

    සමීක්ෂණය පසුගිය සතියේ ආරම්භ කරන ලද අතර මේ වන විට අදාළ නිලධාරීන් විසින් ක්ෂේත්‍ර චාරිකා ගණනාවක් අවසන් කර ඇත.

     

    මෙම සමීක්ෂණයේ අරමුණ නගරය තුළ දඩාවතේ යන සුනඛයින් සංඛ්‍යාව තහවුරු කිරීමයි. බොහෝ වීදි සරන සුනඛයින් දවසේ මුල් කාලය තුළ වීදි සරනු දක්නට ලැබෙන බැවින් නිලධාරීන් අළුයම 6.00 ට පමණ වැඩ ආරම්භ කරමින් මෙම සමීක්ෂණයේ නිරත වෙති.
     


    මෙම සමීක්ෂණය මඟින් වඩා ඵලදායි ලෙස නගරය තුළ ජලභීතිකා රෝගය මර්දන වැඩ කරගැනීම සඳහා සහය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කොළඹ මහ නගර සභාව තවමත් මේ වන විට දඩාවතේ යන වීදි  සුනඛයින් අල්ලා  ගැනීමට කටයුතු කර නැත. කලින් කලට නගර සභාව විසින් මෙවැනි වීදි සුනඛයින් අල්ලා ගෙන ඔවුන් උපත් පාලන සැත්කම්වලට බදුන් කර, ජලභීතිකා රෝගයට එරෙහි බෙහෙත් එන්නත් කර අල්ලාගත් ස්ථානවලදීම නැවත නිදහස් කර ඇත.

     

    අයාලේ යන සුනඛයින්ට අමතරව, නගරය තුළ ලියාපදිංචි සුනඛ ජනගහනය 8, 500 කි. ලියාපදිංචි සුනඛයින් සඳහා ජලභීතිකා රෝගයට එරෙහි බෙහෙත් එන්නත් කිරීමට ‘නිවසින් නිවසට එන්නත් වැඩසටහන‘ කොළඹ මහ නගර සභාව පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලැබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya