නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් උත්සව සමය වෙනුවෙන් පරිසර සත්කාරක වැඩසටහනක්

    ජූනි 01, 2015
    පොසොන් උත්සව සමය වෙනුවෙන් මෙවර ද පාරිසරික සත්කාරක වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කර තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි. 
     
    මෙම වැඩසටහන හෙට (02) සහ 03 යන දිනයන්හි ක්‍රියාවට නැංවේ. එහි ආරම්භය පොසොන් පුර පසලොස්වක පොහෝ දින උදෑසන 9.00 ට සඳහිරු සෑය අසල දී අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩි.පී.ජී. කුමාරසිරි මහතාගේ හා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්තුවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
     
    සෑම වර්ෂයක ම අනුරපුර මහමෙව්නා උයන, තන්තිරිමලේ පුදබිම හා මිහින්තලේ පුදබිම කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම සිද්ධස්ථාන සියල්ලට කසල බඳුන් 1200ක් ද මධ්‍ය පරිසර අධිකාරියෙන් ලබා දී තිබේ. 
     
    පුජා භූමියට පැමිණෙන බැතිමතුනට පිරිසිදු පරිසරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබාදීමේ ක්‍රියාවලිය මෙහිදී විශේෂයෙන් ම සිදුවන බව මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් පරිසර නිලධාරි කේ.එම්.සී. වික්‍රමතිලක මහතා පැවසුවේය.
     
    මේ සඳහා දිවයිනේ විවිධ විද්‍යාල නියෝජනය කරන පාසල් පරිසර නියමු කණ්ඩායම් හි සිසුන් 500 දෙනෙකු පමණ සහභාගි වේ. වීථි නාට්‍ය, අණබෙරකරුවන් ආදිය යොදාගනිමින් ගිමන් හරින බැතිමතුන්, වෙළෙඳ කුටි හිමිකරුවන් ආදීන් දැනුවත් කිරිම ද මෙහිදී සිදු කෙරෙනු ඇත. 
     
    නගර සභාව හා  පොලිස් පරිසර ඒකකය සම්බන්ධ කරගනිමින් පරිසරයට හානි කරන පිරිස් වෙනුවෙන් පරිසර නිතිය තදින් ම ක්‍රියාත්මක කිරිමට ද මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගැනීමට නියමිතය.
     
    DB / DMU Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya