නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කයිට්ස් ප්‍රදේශයේ පාසල් සිසුවියගේ කණගාටුදායක සිද්ධියේ වැරදිකරුවන්ට දඬුවම් දෙනවා

    මැයි 27, 2015
    පසුගියදා කයිට්ස් ප්‍රදේශයේ පාසල් සිසුවියක් සම්බන්ධයෙන් සිදු වූ කණගාටුදායක සිද්ධියේ දී අතිගරු ජනාධිපතිතුමා මේ වෙනුවෙන් යාපනයට ගොස් පැහැදිලි ප්‍රකාශයක් කරමින් විශේෂ අධිකරණයක් යටතේ වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන බවට සඳහන් කළ බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී පැවසීය.
     
    මේ රටේ මිනිසුන්ට අමතකවීමට පෙර මේ පහත් ක්‍රියාව කරන ලද වැරදිකරුවන්ට දඬුවම් ලබා දීම කඩිනමින් ක්‍රියාත්මක කරන්න පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    මෙරට මැතිවරණ ක්‍රමය ගැන අදහස් පළ කළ අමාත්‍යවරයා, බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් මවා ගත් සමහර දේශපාලන පක්ෂ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන කර අරින්න හදන බවත් නව මැතිවරණ ක්‍රමය ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත යුතු බවත් කීය.
     
    දැනට තිබෙන මැතිවරණ ක්‍රමය අපේ රටට ගැලපෙන්නේ නැහැ. ජනතාවට වගකියන ජනවිඥානය තේරුම් ගත් රටේ තීන්දු තීරණ ගත හැකි පුද්ගලයන් පාර්ලිමේන්තුවට ආ යුතුයි. තියෙන මැතිවරණ ක්‍රමය හරහා මැතිවරණයකට යාම ප්‍රශ්නයක්. මේ පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් වෙනකම් යා හැකියි. 2016 වෙනකම් අවස්ථාව තියෙන නිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීන මැතිවරණ කොමිසමක් හදන්න හැකි නම්, නව මැතිවරණ ක්‍රමයකට යා හැකි නම් එය කළ යුතුයි.
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙයට එකඟයි. එසේම සුළු පක්ෂවලට අවාසි නොවන පරිදි සියලු දෙනාට යහපත් වන නව මැතිවරණ ක්‍රමයකට යා යුතු බව ද  අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya