මෙම හමුවේ දී වත්මන් රජය යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය සේවාවන් පිළිබඳ ව සුහද පිළිසඳරක නිරත වූ අතර බංග්ලාදේශ රාජ්‍යයේ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන් හා ඉදිරියේ දී දෙරට අතර මිත‍්‍රත්වය වර්ධනය කර ගනිමින් සෞඛ්‍ය සේවාවන් පවත්වා ගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
එමෙන්ම දෙරට අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඖෂධ හා වෛද්‍ය උපකරණ බංග්ලාදේශ රජයෙන් ඍඡුවම මිලදී ගැනීමේ ක‍්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ද දැනට බංග්ලාදේශ රජයේ ඖෂධ කර්මාන්ත ශාලා මඟින් රජයකින් රජයකට ඖෂධ මිල දී ගැනීමේ වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය පිළිබඳවත් සාකච්ඡා කරනු ලැබීය.
මෙහිදී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා, රජයකින් රජයකට කෙරෙන සැපයුම් පදනම් කරගෙන ශ‍්‍රී ලංකාවේ රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ සැපයීමෙන් ඒවායේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා එම සැපයුම්වල අවශ්‍යතාව පෙන්වා පෙන්වා දුන්නේය. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ විදේශ ආයෝජකයන් සඳහා සුදුසු වතාවරණයක් පවතින බැවින් ශ‍්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනාගාර ආරම්භ කිරීමට පියවර ගැනීම පිළිබඳව ද අදහස් දැක්වීය.
බංග්ලාදේශ රාජ්‍යයේ ක‍්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන් හා ඉදිරියේ දී දෙරට අතර මිත‍්‍රත්වය තවත් වර්ධනය කර ගනිමින් සෞඛ්‍ය සේවාවන් පවත්වා ගැනීම කෙරෙහි තමා දැඩි අවධානය යොමු කරන බව ද මෙහිදී බංග්ලාදේශ මහකොමසාරිස්වරයා අවධාරණය කළේය.
NDH