එළඹෙන සිකුරාදා (29) පෙ.ව. 8.30 සිට ප.ව. 04.30 දක්වා කොළඹ කිංස්බරි හෝටලයේ දී පැවැත්වෙන මෙම වැඩසටහන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අලෙවි හා ව්‍යාපාර ප්‍රධාන කළමනාකරු උපුල් ජයතිස්ස මහතා විසින් මෙහෙයවනු ලබයි.
මෙම එක් දින වැඩසටහන වරාය සමඟ වැඩ කරමින්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බිල්පත් ක්‍රියාවලියට සම්බන්ධවන ආනයන අපනයන සහ ඊට අදාළ කර්මාන්තයන් හි නියැලෙන්නන් ඉලක්ක කර ගනිමින් සිදු කෙරේ.
ගණනය කිරීම් භාණ්ඩ හා සේවා මත සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති නම්, අදාළ සමාගම් විසින් වරායට අනවශ්‍යය ලෙස ගෙවීම් සිදු කිරීමට පුළුවන. එම නිසා මෙම වැඩසටහන එකී පුද්ගලයන්ට ඉතා වැදගත් වනු ඇත.
SDF