නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රිය අනතුරුවලින් මිය යන ළමුන් ප්‍රතිශතය අඩු කිරීමට පියවර ගන්නවා

    මැයි 13, 2015

    ළමුන් වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති ළමුන් මාර්ගය මත සුරක්ෂිත කිරීම සඳහා වන දස වැදෑරුම් උපාය මාර්ග ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නැංවීම සඳහා කඩිනම් පියවර ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ ලේකම් නීතිඥ චතුර උමගිලිය මහතා පැවසීය.

    එසේම වයස අවුරුදු 15-17 අතර කාණ්ඩවල පසුවන ළමුන්ගේ ජීවිතවලට මාර්ග රිය අනතුරු හැරුණු කොට වෙනත් විශාල තර්ජනයක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලින් පැහැදිලි වේ. මාර්ග රිය අනතුරු වලින් 2005 සිට 2014 දක්වා ශ්‍රී ලංකාවේ ළමුන් 2,500ක් පමණ මිය ගොස් ඇති බව චතුර උමගිලිය මහතා ප්‍රකාශ කළේය.

     

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා මාතලේ විජය විද්‍යාලයේ දී මාර්ග රිය අනතුරු සම්බන්ධයෙන් පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

     

    ලොව සිදුවන මාර්ග රිය අනතුරුවලින් සෑම මිනිත්තු තුනකට වරක් එක් ළමයෙකු අකාලයේ මරණයට පත්වේ. සිය ගණන් තුවාලකරුවන් බවට පත්වන අතර ඔවුන්ගෙන් වැඩිදෙනෙකු මාරාන්තික තුවාල ලබති.

     

    මෙම අප්‍රසන්න සිදුවීම් මඟින් ඔවුන්ගේ පවුලේ අයට සහ මිතුරන්ට සදාතනික කඳුළු පමණක් ඉතිරිවන අතර ආර්ථික වශයෙන් ද දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවේ. මීට අමතරව පූර්ණ ආබාධිත තත්වයට පත්වීම තුළ සෞඛ්‍ය සහ සංවර්ධන අභියෝගවලින් පීඩිතභාවයට පත්වනුයේ සමාජයට වටිනා අනාගත මානව සම්පත් ප්‍රමාණයක් අහිමි කර දමමිනි.

     

    මිනිසා විසින් කෘතිමව ඇතිකරන මෙම ව්‍යසනයට භාජනය වන ළමුන් අතරින් බොහොමයක් දුප්පත් පවුල්වල අය වේ. එබැවින් මාර්ග ආරක්ෂාව පිළිබඳ වූ වෑයමකදී එය සමාජ සාධාරණත්වය සමඟ එකිනෙක බැදී ඇති බවත් දුප්පත්කම අඩු කිරීමේ ලෝක ප්‍රයත්නයේ කොටස් කරුවන් විය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

     

    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභා ප්‍රවාහන අමාත්‍ය එදිරිවීර වීරවර්ධන, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති නීතිඥ අරුණ කේ. රණසිංහ, කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ අංශයේ ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනෙවිය, කොළඹ රථවාහන මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි කුමාර යන මහත්ම මහත්මීන් සහභාගී වුහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya