මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා ඇතිවිය හැකි ස්ථාන පිළිබඳ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු අනෙකුත් ආයතන මඟින් දැනටමත් හදුනාගෙන ඇත. ඒ අනුව ආපදා වළක්වා ගැනීමටත්, ආපදාවක් ඇති වූ විට ඒ සදහා සාර්ථකව මුහුණ දීමටත්, විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බවද දිසාපතිවරයා පැවැසීය. ආපදාවක් ඇති වු විට ඒ සදහා එක් ආයතනයකට පමණක් තනිව මුහුණ දිය නොහැකි බවත් එබැවින් රජයේ සියලු ආයතන ඒ සදහා කැපවිය යුතු බවද පැවැසීය. ආපදාවකට මුහුණ දිමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ප්‍රමාණවත් පරිදි ඇතත් ඒවා නිසි පරිදි කළමනාකරණය කරගැනීම වැදගත් බවත් මෙහිදී දිසාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ආපදාවක් ඇති වුවහොත් ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව දැනුවත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් දිසාපතිවරයා මෙම අදහස් පළකළේය.
මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මගින් සංවිධානය කර තිබු මෙම රැස්වීමට ශ්‍රී ලංකා යුද හමුදාව, පොලිසිය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් නියෝජනය කරමින් ආයතන ප්‍රධානීන් හා දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වූහ.
SDF/TA_dmu_kandy