නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර සහන පොලී නිවාස ණය සහ හිමිකම් ඔප්පු ප්‍රදානය හෙට

    මැයි 13, 2015
    වත්මන් රජයේ නිවාස 50,000 වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 1000කට සහන පොලී මත නිවාස ණය ලබාදීම සහ නිවාස හිමිකම් ඔප්පු පිරිනැමීම හෙට (14) නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් උඩරට කලා සංගම් ශාලාවේ දී සිදු කෙරේ.
     
    මෙහිදී අඩු ආදායම්ලාභී පවුල් 1000කට රුපියල් 100,000 බැගින් සහන පොලී යටතේ නිවාස ණය පිරිනැමීම සිදු කෙරේ.
     
    මීට අමතර ව පවුල් 72ක් සඳහා නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම ද සිදු කෙරේ.
     
    මෙම අවස්ථාවට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දේශපාලන අධිකාරීහු මෙන් ම අමාත්‍යංශයේ සහ සෙසු ආයතනයන් හි රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya