අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඹුරු ඉඩම් නාමලේඛනය ප්‍රතිශෝධනය කෙරේ

    අප්‍රේල් 22, 2015
    කුඹුරු ඉඩම් නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීම සඳහා වූ විශ්ලේෂණ කටයුතු බිම්මට්ටමින් මෙම වසරේ පෙබරවාරි මස ආරම්භ කොට එහි මූලික අදියර අවසන් කරමින් පවතින බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් සුනිල් වීරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    ඒ අතර ම මෙතෙක් කුඹුරු නාමලේඛන සංශෝධනයට ලක් නොවූ කුඹුරු හිමිකරුවන් සිටින්නේ නම් ඔවුන් තම ග්‍රාමසේවා වසමේ සිටින කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරී මගින් හෝ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ඊට අදාළ තොරතුරු ලබාගන්නා ලෙස දන්වා සිටින අතර ම 0112 691 060 දුරකතන මාර්ගය ඔස්සේ ද මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු ද ලබාගත හැකිය.
     
    දැනට වගා කරන කුඹුරු ප්‍රමාණ හඳුනාගැනීම මෙහි මූලික අරමුණ වේ. ගොවීන්ට පමණක් නොව ගොවීන් සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වැදගත් වන සියලු තොරතුරු මෙම ලේඛනයේ අඩංගු කරුණු මගින් ලබාගත හැකිය. 
     
    තවද මෙහි වී වගා රටාවන්, ජලසම්පාදන ක්‍රම ආදිය එනම් අහස් දිය, සුළු වාරිමාර්ග හා මහාවාරිමාර්ග ක්‍රම මගින් කුඹුරු වගාව සඳහා ජලය ලබාගන්නා ආකාරය පිළිබඳ ව විශ්ලේෂණයක් සිදු කර තිබීම ද වැදගත් වේ.
     
    මේ හරහා හඳුනාගන්නා ක්‍රමවේදයන් ඉදිරියේ දී තවදුරටත් දියුණු කිරීම සඳහා රජයේ අවධානය යොමු කෙරෙනු ඇත.
     
    තවද සම්පූර්ණ කුඹුරු ඉඩම් ප්‍රමාණය, වගා නොකරන ඉඩම් ප්‍රමාණයන්, අඳ අයිතිය පිළිබඳ පැනනැගී ඇති ගැටලු, ඉඩම් අත්හැරීමට ඇති හේතු ආදී ගැටලුවලට හේතුවන කරුණු පිළිබඳව ද මෙමගින් හඳුනාගැනීමට කටයුතු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya