නිවැරදි ආහාර රටාවන් අනුගමනය නොකිරීම හේතුවෙන් යටපත් වී පවතන යම් යම් රෝග තත්වයන් යළි මතුවීමට ඉඩකඩ ඇති බැවින් මේ පිළිබඳව අවධානය යොමු කිරීම සුදුසු වේ.
රෝගයක් බෝවීම අපට වළක්වා ගත නොහැකි නමුත් බෝ නොවන රෝගයක් වැළඳීම නම් අපට අනිවාර්යෙන්ම වළක්වා ගත හැකියි. බෝ නොවන රෝගවලට ප්‍රධානතම හේතුව තුන් ආකාරයකට දැක්විය හැකියි. ආහාර රටාවේ වෙනස්කම් (විශේෂයෙන් ලුණු, සීනි, තෙල් හා පිෂ්ඨය අධික ආහාරවලට යොමු වීම), ව්‍යායාම් නොමැතිකම, දුම්පානය සහ මත්පැන් පානය මෙයට මූලික හේතු සාධක බවට පත්වී තිබේ.
උත්සව සමයේ මේ කරුණු තුනම හේතුවෙන් බෝ නොවන රෝග අවදානම වැඩි වේ. එම නිසා අද හෙටම රුධිරයේ සීනි/කොලෙස්ටරෝල් රුධිර පීඩනය උස - බර ආදිය පරීක්ෂා කර ගෙන ඊට සුදුසු පිළියම් යෙදීමෙන් සිය සෞඛ්‍ය තත්වය යථා තත්වයට ගෙන සෞඛ්‍යාරක්ෂිත දිවියක් ගෙවීමට අප රටේ මිනිසුන් උත්සුක වන්නේනම් යෙහෙකි.