නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම හෙට (12)

    මාර්තු 11, 2015

    මාතර දිස්ත‍්‍රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය නගාසිටුවීම සඳහා විවිධ තීන්දු තීරණ ගනිමින් කටයුතු කරන මාතර දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් හෙට (12) පෙ. ව. 9. 30 ට මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේදී පැවැත් වේ.

    පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ ගත් තීන්දු තීරණ කි‍්‍රයාත්මක වීම පිළිබඳව, කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට සම්බන්ධ ආයතනවල ප‍්‍රගතිය, ප‍්‍රාදේශිය කෘෂිකර්ම කමිටු වලින් පැන නගින ගැටළු පිළිබඳව, විවිධ පුද්ගලයින් විසින් දිස්ති‍්‍රක් කෘෂිකර්ම කමිටුවට එවන ලද ලිපි සම්බන්ධව සහ ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ.

     

    මේ අවස්ථාවට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 ම නියෝජනය වන පරිදි සියලූම ප‍්‍රදේශීය ලේකම්වරුන් ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් සහභාගි වීමට නියමිත ය.

     

    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරයි.
    MAP/TI_dmu_matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya