නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපාලන යුගය තුළ ඉඩම් නොමැති සියලු දෙනාට ඉඩම්

    මාර්තු 11, 2015
    රටේ සම්පත්, රජයේ සම්පත් අමු අමුවේ තමන්ගේ පෞද්ගලික දේපළ ලෙස පරිහරණය කළ කළ කාල වකවානුව පරදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ යහපාලන යුගය බිහි වූ බවත් මෙම යහපාලන යුගය තුළ ඉඩමක් නැති දිස්ත්‍රික්කවල ජීවත්වන ජනතාව වෙනුවෙන් සාධාරණ ඉඩම් කච්චේරි පවත්වා පක්ෂ, පාට, ජාතිය, ආගම, කුලය, තරාතිරම නොතකා ඉඩමක් නැති සියලු දෙනාට ඉඩම් ලබාදෙන සර්වසාධාරණ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින තිස්සමහාරාම දෙබරවැව මැණික් රජමහා විහාරස්ථානයේ වාහල්කඩ ඉදිකිරීම වෙනුවෙන් ශෛල ප්‍රතිස්ථාන පිංකමට සහභාගි වෙමිනි. එහිදී අමාත්‍යවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයක් ලෙස රුපියල් එක්ලක්ෂ අසූපන්දහසක් වටිනා සිමෙන්ති තොගයක් ද පරිත්‍යාග කළේය.
     
    අපේ රටේ තමන්ගේ යැයි නිවසක් නොමැති ව පවුල් ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් දින 100වැඩසටහන තුළ අපේ රටේ නිවාස 50,000 ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන බවත් අමාත්‍යවරයා කීය.
     
    "දින 100ක් තුළ සෑම පොරොන්දුවක් ම ඉටු කිරීමට බැහැ. ජනතාව වසර ගනනාවක් ඉවසමින් බලාසිටියේ පැහැදිලි ජනතාවාදී යුගයක්, ජනතාවාදී රජයක් බිහිවෙනතුරුයි. ඒ ජනතාවාදී යුගය, සහය ලබාදෙන යුගය අද බිහිවී හමාරයි".
     
    "හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති පවුල් 12,000කට ඉඩම් ලබාදීමට මෙන් ම ඉඩම් නොමැති රජයේ සේවකයන් 2000කට ඉඩම් ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරනවා". 
     
    එළඹෙන මාසයේ දී 1,480,000කට වැඩි සමෘද්ධිලාභීන්ට ලැබෙන සමෘද්ධි සහනාධාරය 200%කින් වැඩිකිරීමට පියවර ගන්නා බවත් මේවා මෛත්‍රීපාල යහපාලන යුගයේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුනි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya