මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩපිළිවෙලක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් දිවයින පුරා ආරම්භ කර ඇත.

    ලොව වෙසෙන ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා 1989 වසරේදී එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සම්මත වූ අතර, ශ්‍රී ලංකාව ද 1990 වසරේ සිට එහි අන්තර්ගත ළමා අයිතිවාසිකම් ආරක්ෂා
    කිරීමට එකඟත්වය පළ කරන ලදි. ඒ අනුව ශ්‍රි ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියට පාර්ශවීය රාජ්‍යක් ලෙස එම සම්මුතියේ සදහන් වගන්ති 54ක් ආරක්ෂා කොට අයිතිවාසිකම් ගරු කිරීමට හා ක්‍රියාත්මක කිරීමට වගකීමෙන් බැඳී සිටි.

    ළමා අයිතිවාසිකම් පිළිබඳ මෙරට පාසල් හා ගම්මාන ආශ්‍රිතව ළමුන්ගේ දැනුවත්භාවය ප්‍රමාණවත් නොවන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් හඳුනාගෙන ඇති අතර, ඒ අනුව ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩපිළිවෙලක් දිවයින පුරා ආරම්භ කර ඇත. විශේෂයෙන් ඒ සඳහා පාසල් ළමුන්ට අවබෝධ කර ගැනීමට පහසුවන පරිදි ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ සරල අනුවාදයක් ද මේ වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එය මෙම වැඩසටහන් සඳහා උපයෝගි කර ගනු ලබයි.

    එමඟින් ළමයින්ට සිය අයිතිවාසිකම් පිළිබඳව හා ඒ තුලින් සිය අනාගත යහපැවැත්ම උදෙසා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දීම ද මූලික වශයෙන් සිදුකෙරේ. මෙම වැඩසටහන් දිවයිනේ සෑම
    දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කිරිමට යෝජිත අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සහයෝගය ඇතිව එහි පළමු වැඩසටහන බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

    මෙරට ළමා අයිතිවාසිකම් කඩවීම් සිදුවන ඕනෑම අවස්ථාවක දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඒ වෙනුවෙන් පෙනී සිටින අතර, එවැනි සිදුවීමක් දුටුවහොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවයට දැනුම් දෙන ලෙස වැඩිදුරටත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    සියලුම මහවැලි ජලාශවල මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින් වෙත උපදෙස් දෙනු ලැබීය.

    නිල් අහස පුරා වසර 67 ක් මුළුල්ලේ කළා වූ මෙහෙවර ඇගයීමට ලක් කරමින් දියතලාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ ජනාධිපති වර්ණ ප‍්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (02) පෙරවරුවේ අභිමානවත් අයුරින් පැවැත්විණි.

    සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලගත කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya