අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිවිටක අපරාධකරුවන් ආරක්ෂා කරන්නේ නැහැ

    මාර්තු 04, 2015
    තමන් කිසිවිටක අපරාධකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නැති බවත් අපරාධකරුවන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන්ට කිසිදු බලපෑමක් සිදු කර නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
     
    තමන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සම්බන්ධවීම පිළිබඳ ව තවත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මේ බව පැවසීය.
     
    නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් මම හැමවිටම පෙනී සිටිනවා. පසුගිය ජනාධිපති සමයේ රූපවාහිනී නාලිකා 03ක් මාගෙන් සම්මුඛ සාකච්ඡා ඉල්ලා සිටියා. එම ඉල්ලීම් කළ අනුපිළිවෙළ අනුව මම සම්මුඛ සාකච්ඡා ලබා දුන්නා. අපි තීරණය කළේ ජනාධිපතිවරණ සමයේ සම්මුඛ සාකච්ඡා ලබා දුන් අනුපිළිවෙළට ම නැවත සම්මුඛ සාකච්ඡා ලබාදීම වඩාත් ම සුදුසු බවයි. එම තත්ත්වය එසේ තිබිය දී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව ඩීල් එකක ප්‍රතිඵලයක්ලෙස පෙන්වා දීමත් මා අපරාධකරුවන් ආරක්ෂා කරනවා යැයි මතයක් පතුරුවාලීමත් සාධාරණ නැහැ. විද්‍යුත් මාධ්‍ය අතර තරගකාරිත්වයත් ඇති බව අප දන්නවා. එක් නාලිකාවක් අනෙක් නාලිකාවට වඩා ඉදිරයෙන් සිටින්නට උත්සාහ ගන්නවා. ඒ සඳහා රටේ අගමැතිවරයා ඈඳාගැනීම අගමැතිවරයා වෙත අසාධාරණ හා පදනම් විරහිත චෝදනා නැගීම පිළිගන්නේ නැතැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
     
    PR/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya