මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනය සමඟ සම්බන්ධතාව ඉදිරියටත් මෙහෙයවීමට ශ්‍රී ලංකාව සූදානම්

    පෙබරවාරි 27, 2015
    චීනය සමඟ සම්බන්ධතාව ඉදිරියටත් මෙහෙයවීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
     
    ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකාවේ නව චීන තානාපති ලෙස යී ෂියැන් ල්‍යාං මහතා ඊයේ (26) සිය අක්තපත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලද අවස්ථාවේදීය.
     
     
    දිගු කාලයක් පුරා චීනය තම රටේ සමාජීය හා ආර්ථික සංවර්ධනයට ලබා දී ඇති අනුබලය සහ ආධාර සඳහා සිය කෘතඥතාව පුද කරන බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය. ශ්‍රී ලංකා - චීන සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කරමින් ද්විපාර්ශවික ප්‍රායෝගික සහයෝගිතාව පුළුල් කිරීමට චීනය සමඟ එක්ව කටයුතු කිරීමට කැමති බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
     
     
    එහිදී ශ්‍රී ලංකාවේ නව චීන තානාපති යී ෂියැන් ල්‍යාං මහතා පැවසුවේ, චීනය සහ ශ්‍රී ලංකාව සැබෑ මිතුරන් මෙන්ම සමීපත ම හවුල්කරුවන් වන බවයි.
     
     
    චීන ජනාධිපති ෂී චින් පිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී එළඹුණු එකඟතාවන් ක්‍රියාවට නැංවීමට සහ උපාය මාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් සවිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද චීන තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
     
    ECB/CRI/SDF
    china2
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya