මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතා සහන රැසක් සමඟින් නව රජයේ අතුරු අයවැය යෝජනාව අද

    ජනවාරි 29, 2015
    ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වූ පරිදි ජනතාවට සහන රැසක් ලබාදෙන නව රජයේ අතුරු අයවැය යෝජනාව  අද (29) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
     
    ඉන්ධන මිල අඩු කිරීම ඇතුළුව අත්‍යාවශ්‍ය භාණ්ඩ දහයක මිල අඩුකර ජනතාවගේ ජීවන බර අඩුකරන බවට නව රජය මැතිවරණ සමයේ දී ජනතාවට පොරොන්දුවක් ලබාදුන්නේ ය.
     
    අයවැය අතුරු වාර්තාව මගින් පොරොන්දු වූ පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ 10ක තීරු බදු අඩු කර ඒවායෙහි වෙළෙඳපොළ මිල අඩු කිරීමෙන් ජීවන බරින් මිරිකෙන ජනතාවට විශාල සහනයක් ලැබෙනු ඇතැයි ජනතාව විශ්වාසය පළ කරති.
     
    නව රජයේ ''දින සියයයේ වැඩසටහනට '' සැමගේ සහාය අවශ්‍ය බවත් අතුරු අයවැය යෝජනාව මගින් ජනතාවට සහන රැසක් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී ය.
     
    රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000/= කින් වැඩි කරන බවත් ඉන් රුපියල් 5000/=ක් පෙබරවාරි මස වැටුපට එක්කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා පවසා තිබිණි.
     
    මැතිවරණ පොරොන්දුවක් ඉටුකරමින් ප්‍රෙට්ට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල ද රජය විසින් පහත දමන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස  පෙබරවාරි 01 දින සිට බස් ගාස්තුව සියයට 10%කින් අඩු කිරීමට අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කරන ලදී. එමෙන් ම ත්‍රීවිල් රථ ගාස්තුව ද අඩු කිරීමට එකඟතාවය පළ කර තිබේ.
     
    රජයේ දින සියයයේ වැඩපිළිවෙළට සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව විපක්ෂය විසින් ද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya