මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සාධාරණයක් සඳහා වූ ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ හඬ" සංවිධානයෙන් ජනපතිට සංදේශයක්

    ජනවාරි 22, 2015

    ගෝල්ඩන් කී තැන්පතු පියවීම සඳහා වන වත්කම් තෙවන පාර්ශවයන් විසින් වංචනිකව අත්පත් කර ගැනීම සහ වත්මන් ගෝල්ඩන් කී අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත එහි තැන්පතුකරුවන් විසින් ඊයේ (21) සංදේශයක් භාරදෙන ලදී.


    "සාධාරණයක් සඳහා වූ ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ හඬ" සංවිධානයේ සංදේශය ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රජික කොඩිතුවක්කු මහතා වෙත භාර දෙනු ලැබීය.


    ගෝල්ඩන් කී තැන්පතුකරුවන් තම තැන්පත් ආපසු ලබා දෙන ලෙස නීතිමය ක්‍රියාවකට එලඹුව ද ඔවුන්ට එය මෙතෙක් සාර්ථක වී නොමැත . මේ අතර ගෝල්ඩන් කී සමාගමට අයත් දේපල අයථා ලෙස වෙනත් පුද්ගලයන් තමන් සන්තක කර ගෙන ඇතැයි එම තැන්පතුකරුවන් චෝදනා කරති.

     

    NDH/pmu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya