මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව වසරේ ප්‍රථම පාර්ලිමේන්තු රැස්වීම අද

    ජනවාරි 20, 2015
    ජනාධිපතිවරණයෙන් පසු නව වසරේ පැවැත්වෙන ප්‍රථම පාර්ලිමේන්තු රැස්වීම අද (20) පස්වරු 1.00 සිට පැවැත්වේ. 
     
    අද පාර්ලිමේන්තු රැස්වීමේ කටයුතු ආරම්භ වන්නේ නව අග‍්‍රාමාත්‍යවරයෙකු, සභානායකවරයෙකු, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයෙකු සහ විපක්‍ෂ නායකවරයෙකු යටතේ  වීම විශේෂත්වයකි. සභානායකවරයා ලෙස අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතාත් ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාත් පසුගියදා  තෝරාපත්කර ගෙන ඇති අතර විපක්‍ෂ නායකවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා තෝරා පත් කර ගෙන ඇත.
     
    අද දින පාර්ලිමේන්තුවේදී අණපනත් සම්මත කර ගැනීමක් හෝ වෙනත් විවාද පැවැත්වීමක් සිදු නොවන අතර අග‍්‍රාමාත්‍යවරයා සහ පක්‍ෂ නායකයන් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සිය ස්ථාවරයන් ඉදිරිපත් කිරීමක් පමණක් සිදු වේ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya