එහි දහස් වැනි "නැණසල" මධ්‍යස්ථානය ජනාධිපතිතුමා අතින් අද විවෘත කෙරුණේ ගලිගමුව බිසෝවෙල රජමහා විහාරස්ථානයේ දී ය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස 2005 වසරේ ජනවාරි 01දා ඓතිහාසික කතරගම කිරි වෙහෙරේ දී ප්‍රථම "නැණසල" මධ්‍යස්ථානය විවෘත කරමින් නැණසල දහස ව්‍යාපෘතිය ආරම්භ කළේය.
උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විහාරස්ථාන, දේවස්ථාන, කෝවිල් මෙන් ම පොදු ස්ථාන කේන්ද්‍රකර ගනිමින් මෙම "නැණසල" මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කළ අතර ලොව විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්ෂණ වැඩසටහනට හිමි සම්මානය ද ඊට හිමිවිය.
ජනාධිපතිතුමා අද උදෑසන බිසෝවෙල රජමහා විහාරස්ථානය වෙත ගොස් පළමුව ආගමික වතාවත් හි නිරත ව ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව විහාරාධිපති පූජ්‍ය ලේඩිගමුවේ සෝරත නායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ ද සුවදුක් විමසීය. ඉන් අනතුරුව සමරු ඵලකය නිරාවරණය කරමින් දහස වැනි "නැණසල" මධ්‍යස්ථානය ජනතා අයිතියට පවරා දුන්නේය.
ප්‍රදේශයේ අති විශාල ජනතාවක් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන් අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද කතා බහක ද නිරත විය.
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, පළාත් සභා අමාත්‍ය හර්ෂ සියඹලාපිටිය, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
DB