අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු ජනාධිපතිනියගේ සාවද්‍ය චෝදනා සියල්ල ජනාධිපතිතුමා ප‍්‍රතික්ෂේප කරයි

    මාර්තු 22, 2014

    තමා ගැන ඔත්තු බලන්නේ යැයි ද සිය ආරක්ෂාව ගැන සැක මතු වන්නේ යැයි ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය කළ චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එම චෝදනා සියල්ල හේතු රහිත, සාධක රහිත වැල්වටාරම් සමුහයක් බව පෙන්වා දෙයි.



    "ඔබතුමියගේ දූරකතන, ඊ - තැපෑල් පිළිබඳව හෝ ඔබතුමියගේ හොරගොල්ලේ සහ කොළඹ නිවාස පිළිබඳ කිසිදු ඔත්තු බැලීමක් නොමැති බවට සහතික විය හැකි" යැයි ජනාධිපතිතුමා සහතික කරයි.

    නීතිවිරෝධී ඔත්තු බැලීම් මඟින් තමාව හිංසා පිඩනයට පත් කර ඇතැයි චෝදනා රැසක් එල්ල කරමින් කුමාරණතුංග මැතිනිය එවු ලිපියට පිළිතුරක් යැවු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා එතුමියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හෝ නිදහසට බාධා කිරීම් කිසිවක් සිදු වී නැති බව සඳහන් කළේය. තමා යන ස්ථාන පිළිබඳවත් හමුවන පුද්ගලයින් පිළිබඳවත් රජයේ ආයතන ඔත්තු බලන්නේ යැයි හිටපු ජනාධිපතිනිය පවසා ඇති නමුත් ඒ සඳහා එකදු සාධකයක් එතුමිය ඉදිරිපත් කර නැති බව ජනාධිපතිතුමා නිරීක්ෂණය කළේ යැයි වීරතුංග මහතාගේ ලිපියේ සඳහන් වේ.

    රජයේ සහ පක්ෂයේ ජ්‍යේෂ්ඨයින්ට කුමාරණතුංග මහත්මිය සමඟ සබඳතා නොපවත්වන ලෙස ජනාධිපතිතුමා දන්වා ඇතැයි යන චෝදනාව එම ලිපියෙන් ප‍්‍රතික්ෂේප කර ඇත. එම චෝදනා ඔප්පු කිරීමට එකදු පුද්ගලයකුගේ හෝ නමක් ඉදිරිපත් කළේ නම් ඒ ගැන සොයා බැලිය හැකිව තිබුනේ යැයි ලේකම්වරයාගේ ලිපියේ සඳහන් වෙයි.

    තවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ "අවසාන වශයෙන් ඔබතුමිය වැල්වටාරම් රාශියක් සහිත ලිපියක් එවා ඇත්තේ ජිනීවා නුවරත් වෙනත් බටහිර රටවලත් ජාත්‍යන්තර බලවේගයන් ශී‍්‍ර ලංකාවට එරෙහිව මුළුමනින් අසත්‍ය චෝදනා එල්ල කරන අවස්ථාවේ දී ම යැ" යි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya